ලෝක ශූර ජර්මනිය අද ස්වීඩනය සමග තරග බිමට

0
7

Image result for Team Germany

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යටතේ වත්මන් ලෝක ශූරයන් වන ජර්මානු කණ්ඩායම සහභාගි වන තීරණාත්මක තරගයක් අද (23) රාති‍්‍රයේ පැවැත්වේ. ඒ, ස්වීඩන් කණ්ඩායම සමග ය.

එෆ් කාණ්ඩයෙන් තරග වදින ජර්මානු කණ්ඩායම මෙවර තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරගයේදි මෙක්සිකෝව හමුවේ අනපේක්‍ෂිත පරාජයක් අත්කර ගනු ලැබීය. ඒ අනුව දැනට එෆ් කාණ්ඩයේ 3 වන ස්ථානයේ රැදි සිටින ජර්මන් කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට යාම සදහා මෙම තරගය ජය ගැනීම වැදගත් වේ.

මේ අතර එෆ් කාණ්ඩය යටතේ දකුණු කොරියානු සහ මෙක්සිකෝවද අද තරග බිමට පිවිසෙයි. ජී කාණ්ඩය යටතේ බෙල්ජියම සහ ටියුනීසියාව අතර තරගයක්ද අද පැවැත්වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here