ගුරු සේවය අද නිවාඩු

0
12

අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්, විදුහල්පති, ගුරුසේවයේ නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර රැසක නිළධාරීන් අද (04) වැඩ වර්ජනයක නිරතවන බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසන්නේ දේශපාලන පළි ගැනීම්වලට ලක්වූවන් යැයි පවසමින් ඔවුන්ට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පත්වීම් ලබාදීමට එරෙහිව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ වෘත්තිය සමිති රැසක් වර්ජනයට සහභාගීවන බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

වර්ජනයට සහභාගී නොවී සේවයට වාර්තා කරන ලෙස සියලු අධ්‍යාපන කාර්යය මණ්ඩලවලින් ඉල්ලීමක් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here