මහේලගේ ශතකය නිසා නුවර පිළට විශිෂ්ට ජයක්

0
25

Image result for super 4 sri lanka

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන සුපිරි පළාත් එක්දින තරගාවලියේ ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර පී සරා ඔ්වල් පිටියේදී පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුනු 28ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට නුවර කණ්ඩායම සමත්විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 251ක ඉලක්කයක් හඹා ගිය නුවර කණ්ඩායම අයපහත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 30කදී කඩුලු 02කට ලකුණු 217ක් ලබාසිටි අතර ඒ වන විට ලකුනු 28ක් ඉදිරියෙන් සිටි නුවර පිළට තරගයේ ජය හිමිවිය.

එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ මහේල උඩවත්ත පන්දු 96කදී හයේ පහර 02ක් හා හතරේ පහර 14ක් සමගින් ලකුනු 116ක් රැුස්කිරීමට සමත්වූ අතර දික්වැල්ල සමග එක්වෙමින් පළමු කඩුල්ල සදහා ලකුණු 137ක විශිෂ්ට සබදතාවක්ද නායක ඇන්ජලෝ මැතිව්ස් (20*) සමග එක්වෙමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සම්බන්ධතාවක්ද පැවැත්විය.

උඩවත්තට අනගි සහයක් ලබාදුන් නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 11ක් සමගින් පන්දු 58කදී වේගවත් ලකුනු 75ක් රැුස් කළේය.පන්දු යැවිමේදී දසුන් ශානක හා චතුරංගද සිල්වා එක් කඩුල්ල බැගින් හිමිකරගත්හ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල පිල පන්දුවාර 35.4කදී සියලු දෙනා දැවී ලකුණු 250ක් රැස් කිරීමට සමත්විය.

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් පන්දුවාර 36කට සීමාවූ මෙම තරගයේ කාසියේ වාසිය නුවර කණ්ඩායමට හිමිවිය.කසුන් රාජිතගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාට සාර්ථක වීමට ඉඩ නොලැබුණු අතර උපුල් තරංග ලකුණු ලබාගැනීමට පෙරත් රමිත් රඹුක්වැල්ල ලකුනු 12කටත් දැවී ගියේය.

අනතුරුව තෙවැනි හා සිව්වැනි පිතිකරු ලෙසින් පැමිණි සදීර සමරවික‍්‍රම(25) හා ඇන්ඩි සොලමන්(23) වේගයෙන් ලකුණු රැුස්කිරීමට සූදානම් වූවත් එය සාර්ථක නොවූ අතර ගාල්ල කණ්ඩායමේ පළමු කඩුලු 04 ලකුණු 67ක් තුළ දැවී ගියේය.

කණ්ඩායම අසරණව සිටි අවස්ථාවේ පිටියට පැමිණි රෝශේන් සිල්වා පරිණත ඉනිමක් දියත් කරමින් සම්මු අශාන් හා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුනු 106ක සම්බන්ධතාවයක් ගොඩනගමින් අසරණව සිටි ගාල්ල පිළට ජීවයක් එක් කළ අතර සුපිරි පළාත් තරගාවලියේ මුලික සංචිතයටවත් ඇතුළත්ව නොසිටි රෝශේන් පන්දු 59ක් තුළ අගනා ලකුනු 55ක් රැස්කරගත්තේය.ගාල්ල කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා වූ සම්මු එක් හයේ පහරක් හා හතරේ පහර 06ක් සමගින් ලකුණු 72ක් රැස් කළේය.

අවසන් භාගයේ පිටියට පැමිණි චතුරංගද දිල්වා හයේ පහර 02ක් හා හතරේ පහර 03ක් සමගින් වේගවත් ලකුණු 29ක් එක් කළ අතර පන්දු යැවීමේදී නුවර කණ්ඩායම වෙනුවෙන් ඉසුරු උදාන කඩුලු 05ක් හා කසුන් රාජිත කඩුලු 03ක් දවා ගනිමින් දස්කම් දැක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here