දෙදෙන නිළ සංචාරයකට තායිලන්ත අගමැති අද දිවයිනට

0
3

දෙදින නිළ සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕචා අද (12) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ආරාධානයකට අනුව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

දිවයිනට පැමිණෙන තායිලන්ත අග්‍රාමාත්‍ය  ප්‍රයුත් චන් ඕචා ව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පිළිගැනීමට නියමිතයි.

එහිදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ගෞරව පිණිස හමුදා උත්තමාචාර හා ආචාර වෙඩි මුර  පැවැත්වීමට ද සැළසුම් කර තිබේ.

අනතුරුව ශ්‍රී ලංකාව හා තාලියන්තය අතර පවතින සබඳතා වර්ධනය කිරීම සඳහා ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

තායි අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජනාධිපති නිළ නිවසේ දී අද රාත්‍රි ‍භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද සැළසුම් කර තිබේ.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ දී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

අනාගතයේ දී එළඹීමට අපේක්ෂිත ශ්‍රි ලංකාව හා තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම ද තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

තායි අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට (13) උදෑසන භෝජන සංග්‍රහයක් පවත්වන අතර ඉන් අනතුරුව දෙරටේ ආර්ථික සහයෝගීතාව, වෙළඳාම, ආයෝජනය යන කරුණු මත පදනම් වූ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕචා මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුළ ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගැනීම මෙන්ම මල්වතු අස්ගිරි පාර්ශව වල මහ නාහිමිවරුන් බැහැ දැකීමට ද නිමිතව තිබේ.

ශ්‍රී ලංකා සංචාරය සනිටුහන් කිරීම පිණිස තායිලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් පේරාදෙණිය උද්භිත උද්‍යානයේ පැලයක් රෝපණය කිරීම ද සිදුකරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here