මුහුදේ දී සංචාරක බෝට්ටුවක් පෙරලී 56 දෙනෙක් අතුරුදන්

0
3

තායිලන්තයේ, ෆූකට් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සංචාරක බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් චීන සංචාරකයන් ඇතුළු 56 දෙනෙකු අතුරුදන් වී තිබේ.

මියගිය එක් පුද්ගලයෙකුගේ සිරුර හමු වී ඇති අතර, අනතුරට ලක්වන විට එම ෆීනික්ස් නමැති එම යාත්‍රාවේ මගීන් 105 දෙනෙකු ගමන් කර ඇති බව වාර්තා වේ.

අනෙක් පිරිස බේරා ගැනීමට ජීවිත ආරක්ෂකයන් සමත් වී ඇත. සංචාරක බෝට්ටුව අනතුරට ලක්වීමෙන් පසු දියේ ගිලී ඇති බව ඇතැම් විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව, එම ප්‍රදේශයට නාවික හමුදා කිමිදුම්කරුවන් සහ හෙලිකොප්ටර් යානා පවා පිටත් කර යවා ඇති බව තායි බලධාරින් ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here