තායිලන්තයේ ගුහාවක සිර වූ දරුවන් සිව් දෙනෙක් බේරා ගනියි

0
14

Image result for Thailand cave students

තායිලන්ත ගුහාවේ සිරවී සිටින දරුවන්ගෙන් සිව් දෙනකු නිරුපද්‍රිතව පිටතට රැගෙන ආ බව මාධ්‍ය වාර්තා කර ඇත.

සම්පූර්ණයෙන්ම අඳුරු ගුහාව දිගේ මඩේ එරෙමින් උස් ස්ථාන තරණය කරමින් ජලය සහිත ස්ථාන වලදී කිමිදෙමින් පිටතට පැමිණීමට දරුවන්ට සිදුවිය.

එක් දරුවකු රැගෙන ඒමට කිමිදුම්කරුවන් දෙදෙනකුගේ සහාය ලබා ගැණින. පිටතට පැමිණි දරුවන් චියැං රායි රෝහලයට රැගෙන යන ලදී.

මේ වන විට ගුහාවේ ඔක්සිජන් මට්ටම අඩු වී ඇති බැවින් මෙහෙයුම පැය 10කට පමණ තාවකාලිකව නතර කර ඇතැයි බලධාරීහු පවසති. අනෙක් දරුවන් මුදාගැනීමේ කටයුතු සඳුදා උදෑසන ආරම්භ කිරීමට නියමිතය.

ප්‍රවීණ කිමිදුම්කරුවන් 90ක් ගුහාව තුළ මෙහෙයුමට සම්බන්ධව සිටිති. ඔවුන්ගෙන් 40දෙනකු තායිලන්තයෙන් වන අතර විදේශීය කිමිදුම්කරුවන් 50දෙනකි. සෙනසුරාදා දිනයේ වෛද්‍යවරු කිහිපදෙනෙක් දරුවන් සිටි ස්ථානයට ගිය අතර ප්‍රමුඛතා ලෙඛණයක් සකස්කර දුර්වල අය මුල්න් රැගෙන ඒමට තීරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here