නාමල් රාජපක්ෂට එරෙහි නඩුව කල් යයි

0
2

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකු සහ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහි නඩුව ලබන මස 10 වැනි දා දක්වා කල් දමා තිබේ.

ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් හමුවේ අද කැඳ වූ අවස්ථාවේ දී ය.

එම නඩුවේ දෙවන විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම ඊට හේතුවයි.

රුපියල් මිලියන 30ක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතට ගැනෙන වැරදි සිදුකළ බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේට් සමාගම, වෙනත් සමාගමක් සමග සිදුකළ ගණුදෙනුවක දී එලෙස අයථා ලෙස උපයා ගැනීම ඇතුළු අධි චෝදනා 11ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here