ගුහාවේ සිර වී සිටි දරුවන් රෝහලෙන් පිටව යයි

0
7

සති දෙකකට ආසන්න කාලයක් තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහාවේ සිර වී සිටිය දී මුදාගත් දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ඊයේ (18) රෝහලෙන් පිටත්ව යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කලින් ප්‍රකාශයට පත් කළ දිනයට දිනක් කලින් රෝහලෙන් පිටත් ව යෑමට නියමිත අතර ඔවුන් මාධ්‍ය සාකච්ඡාවකට එක්වීමට ද නියමිතව තිබිණි.

මාධ්‍ය හමුවක් වුව ද එය සුපුරුදු ආකාරයේ මාධ්‍ය හමුවක් නොවන බවත් කෙටි ප්‍රශ්නෝත්තර වටයක් පවත්වන බවත් තායි බලධාරීන් සඳහන් කරයි.

එම හමුවෙන් පසු ඔවුන් ඔවුනොවුන්ගේ නිවෙස්වලට යන බව ද තායි බලධාරීහු කීහ. මෙම කෙටි මාධ්‍ය හමුව පවත්වන්නේ ද දරුවන්ගේ පහසුව උදෙසා යැයි ද එම ප්‍රශ්නෝත්තර පමණක් සහිත කෙටි මාධ්‍ය හමුවෙන් පසු දරුවන්ට කිසිදු බාධාවකින් තොරව ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ගත කිරීමට අවස්ථාව උදා කරලීම අරමුණ යැයි ද තායි බලධාරීන් ප්‍රකාශ කරි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here