මැතිවරණ නීති හදන තුරු කොමසාරිස් බලා සිටී

0
2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔවුන්ට තිබෙන බලය ක්‍රියාත්මක කරලා පළාත් සභා මැතිවරණයට අදාළ නීතිරීති හැදුවොත් උතුරු පළාත ඇතුළුව පළාත් සභා 06ම ඡන්ද විමසීම 2019 වසරේ මුල් සතිය තුළ පැවැත්වීමට හැකි යැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහ් ඒ බව පැවසූවේ ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් ඊයේ (03) මාතලේ රත්තොට නගරයේ දී පැවති ඡන්ද දායකයින් දැනුවත් කිරිමේ වැඩසටහනින් පසුව මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ය.

ඡන්ද විමසීම හරියට හොඳ ඉස්කෝලයක් තියනවා හොඳ ගුරුවරු ඉන්නවා ළමයිනුත් එන්න කැමතියි හොඳ සිලබස් එකකුත් තියනවා හැබැයි ලයින් තෝර ගන්න ඉන්ටව් එක තියන්නේ නෑ. එතකොට කොහෙමද ඉස්කොලේ පවත්වන්න යන්නේ. පළාත් සභා ඡන්දෙත් ඒවගේ තමයි. ඒක හැදෙන කල් ඉන්ටව් බෝඩ් එකට ළමයි ඇතුළු කරගන්න බෑ. ඒක තමයි මැතිවරණ කොමිෂන් සභාවට වෙලා තියන දේ.

අපි හොඳටම විශ්වාස කරනවා කතානායකවරයා හා විෂයභාර අමාත්‍යවරයා සමග කරන ලද සාකච්ඡාවේ දී ඔවුන් ප්‍රකාශ කළේ සියළුම දේශපාලන පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරලා මාර්ග සිතියමක් මේ මාසය තුළ හදලා සීමා නිර්ණයට අදාළ නීතිරිති පනතේ සංශෝධනයන් ඇතුළු සියළු ගැටළු සැප්තැම්බර් මුල හරි අග හරි ඔක්තෝබර් මාසේ මුල් සතියේ දී හෝ අපිට දුන්නොත් උතුරු පළාතත් සමග මැතිවරණය 2019 ජනවාරි මුල සතියේ දී පැවැත්වීමට අපි මැතිවරණ කොමිෂන් සභාව ලෙස අපි සුදානම් බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here