”යහපාලනයෙන් රටට කිසිම සෙතක්‌ වුණේ නෑ” – රවි කරුණානායක

0
6

යහපාලන රජය යටතේ රටට කිසිම සෙතක්‌ සැලසී නොමැති බවත් මෙය යහපාලනයක්‌ නොවන බවත් හිටපු ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසයි.

ඔහු මේ බව පැවසූවේ කොළඹ තොටළඟ එජාප මැතිවරණ කාර්යාලයේ දී ඊයේ (18) පැවැති උත්සවයක්‌ අමතමින් ය.

එහි දී වැඩිදුරටත් අදහස්‌ දැක් ‌වූ ඔහු මෙසේ ද කීවේ ය. තමාට ඇමතිකමක්‌ දීමට ජනාධිපතිවරයාගේ අකමැත්තක් නොමැති බවත් තමන්ට අවශ්‍ය ව ඇත්තේ රට හැදීම වෙනුවෙන් එක්‌ව ක්‍රියාකිරීමට බවත් සඳහන් කළේ ය.

”යහපාලනය නිසා විනාශකාරී තත්ත්වයට සහ රට විහිළුකාරී තත්ත්වයකට ද පත්ව ඇති බවද කී හෙතෙම තමා ඇමැති තනතුර දැරූ සමයේ දී ගෑස්‌ ඇතුළු භාණ්‌ඩ කිහිපයක්‌ පවතින මිලට වඩා අඩුවට තිබූ බව ද වැඩිදුරටත් කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here