එ.ජ.නි.ස සමග සන්ධාන ගතව සිටි ලංකා කම්කරු කොංග්‍රස පොහොටුවට එක් වෙයි

0
9

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට සහයෝගය දැක්වුවද තවදුරටත් තම පක්ෂය  එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගත දේශපාලන පක්ෂයක් බව ලංකා කම්කරු කොංග්‍රසයේ උපසභාපති පලනි සත්‍යවේල් පවසයි.

එමෙන්ම තම පක්ෂය මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම්වත් කරන බවද හෙතෙම පැවැසීය.

ලංකා කම්කරු කොංග්‍රසය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ගිවිසුම්ගත දේශපාලන පක්ෂයක් බැවින් සන්ධානයේ අනුමැතියකින් තොරව එසේ කළ හැකිද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුවන බව ද විර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here