”අම්මට පිස්සු ද” – දියේ ගිලී මියගිය සුරූපී රංගන ශිල්පිණිය මිය යන්න මොහොතකට පෙර කළ කී දේ මෙන්න

0
793

”ඇඟ හෝද ගන්න ගඟ පැත්තට ගියා”

”අත් දෙක උස්සගෙන කෑගැහුවා”

”මමත් පනින්න හැදුවා”

ගිනිගත්හේන, යටිබේරිය ප්‍රදේශයේ දී කැලණි ගඟේ දිය නෑමට ගිය රංගන ශිල්පිනී තුෂානි ද සිල්වා පසුගිය දා දියේ ගිලී මිය යනු ලැබී ය.

31 හැවිරිදි තුෂානි එක්දරු මවක්වන අතර ඇය පදිංචි ව සිටියේ, මහනුවර සුදුහුම්පොළ ප්‍රදේශයේ ය. පවුලේ සාමාජිකයින් සමග විනෝද චාරිකාවක් අතරතුර ඇය ඊයේ (18) මෙම අනතුරට මුහුණ දී තිබේ.

මේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් තුෂානිගේ පියා අදහස් දක්වා තිබේ. එම අදහස් පහතින්….

”අපි මේ ගමන පිටත් වෙන දවසේ උදේම බිරිය කිව්වා මම වතුරේ ගහගෙන යන දරුණු හීනයක් දැක්කා කියලා. ඒ නිසා අපි වෙන දවසක මේ ගමන යමු කියලා. එතකොට මියගිය දුව කිව්වා අම්මට පිස්සු ද මම ෂූටින් යනකොට ලංකාවේ හැමතැනම නාන්න ගිහිල්ලා තියනවා. ඒ නිසා අම්මා බය නැතිව ඉන්න කියලා දුව පැවසූවා…”

”අපි මේ ගැනම පිටත් වුණ වෙලාවේ ඉදලා විවධ බාධා ඇති වුණා. මමයි බිරිඳයි බෝට්ටු පදින්න ගියේ නෑ. දුවලා දෙන්න ඇතුළු කිහිප දෙනෙක් ගියා. එහෙම ගිහිල්ලා නතර වෙලා ඉන්න හෝටලයට මේ අය බෝට්ටු පැදලා ආවා. ඉන් පසු අපි ගෙනාපු බඩු ටිකත් වාහනයට පටවලා හෝටලයේ බිලත් ගෙවලා එන්න පිටත් වෙන්න හැදුවම මියගිය දුව කිව්වා මට තව ඇඟ හෝදා ගෙන එන්න ඕනේ කියලා ගඟ පැත්තට ගියා. මමයි ලොකු දුවත් ගඟ පැත්තට ගියා. ගඟට බැස්සම මම කිව්වා ඈතට යන්න එපා කියලා. එහෙම කියනකොට දූ සැඩ පහරට අහු වුණා. තාත්තේ මා මාව බේරගන්න කියලා දුව අත් දෙක උස්සගෙන කෑගැහුවා. මමත් පනින්න හැදුවා. ළඟ හිටපු අය මාව අල්ල ගත්තා. එතකොට හෝටලයේ එක්කෙනෙක් ආවා. එයා ජීවිත ආරක්ෂක කට්ටලය නැහැ කියලා පනින්න බැහැ කිව්වා. ඒත් එක්කම මගේ දුව වතුරේ ගහගෙන ගියා. ඊට පස්සේ බෝට්ටු පදින අය ගඟට බැස්ස තැන ඉඳලා ටික දුරකින් දුව ගොඩ ගත්තා. පස්සේ කිතුල්ගල තලිගම රෝහලට දුව ගේනකොටම දුව මිය ගිහිල්ලා. දුව විවාහ වෙලා ඉන්නේ. එයාගේ මහත්තයා විදේශ ගත වෙලා ඉන්නේ. දුවට දරුවෙක් ඉන්නවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here