ජාතික ආණ්‌ඩුවේ ඉරණම එස්‌.බී. කියයි

0
26

ජාතික ආණ්‌ඩුව තවදුරටත් පවත්වාගෙන යනවා ද? නැද් ද? යන තීරණය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මීළඟ මධ්‍යම කාරක සභාවේ දී තීරණය කරන බව හිටපු ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. බී. දිසානායක පවසයි.

එම මධ්‍යම කාරක සභා රැස්‌වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය විදේශ සංචාරය නිමකර පැමිණි පසු ගනු ලබන බවත් ඔහු සඳහන් කළේ ය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (12 වැනි දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය.

ආණ්‌ඩුවෙන් ඉවත්වීම සඳහා පක්‌ෂයේ මධ්‍යම කාරක සභාව වෙත යෝජනාවක්‌ ඉදිරිපත් කර ඇති අතර එහි තීරණය අනුව තවදුරටත් ශ්‍රී ල. නි. ප. ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් 41 දෙනා ආණ්‌ඩුවේ ඉන්නවා ද? නැද් ද? තීන්දුව ගන්නා බව පැවසූ හෙතෙම තමුන් විපක්‌ෂයේ සිටියත් එ. ජා. ප. යේ හොඳ වැඩවල දී ඔවුන්ට සහාය ලබාදෙන බව ද කීවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here