”ධීවරයා මරණ මංචකයට යවා දැන් ඔක්සිජන් දෙන්න හදනවා” – G.L. පීරිස්

0
6

ධීවරයා මරණ මංචකයට යවා දැන් ඔක්සිජන් ලබා දීමට මේ ආණ්ඩුව සැරසෙන බව මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ය. රට තුළ සෝචනීය තත්ත්වයක් මතුව ඇති බවත්, ධීවර ප්‍රජාව කඩා වැටී ඇති බවත් ඔහු කියා සිටියේ ය.

එමෙන් ම මේ වනවිට ධීවරයින් මුහුදු යාමෙන් වැළකී සිටින බව ද හෙතෙම ප්‍රකාශ කරයි. මෙවැනි තත්ත්වයන් පිළිබඳ කලින් සිතා බලා තීරණ ගත යුතු බවද ඔහු පැවසී ය.

දුර දිග සිතා බලා තීරණ නොගෙන පසුව ධීවරයින්ට සහන සැලසීමට කටයුතු කිරීමේ පදනමක් නොමැති බව පැවසූ හෙතෙම කියා සිටියේ එවැනි පසුබිමක් තුළ ධීවර අමාත්‍යවරයා විසින් පත්‍රිකා ඉදිරිපත් කරනවා යැයි පවසමින් සිටින බවයි.

එමෙන්ම සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගන්නා බව අගමැතිවරයා ප්‍රකාශ කරද්දී අගමැතිගේ ප්‍රකාශය සමෘද්ධි අමාත්‍යවරයා විසින් හෑල්ලුවට ලක් කරන බව පෙන්වා දුන් ඔහු කියා සිටියේ මේ ආණ්ඩුව නාඩගම් මඩුවක් බවයි.

මෙලෙස ආණ්ඩු ඉදිරියට ගෙන යා නොහැකි බව ද ඔහු පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here