තමා ගෙවමින් සිටින්නේ තම ජීවිත කාලයේ අවසන් සමය බව හිටපු පාප්වහන්සේ කියයි

0
8

 

අති උතුම් ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප්වහන්සේ තමා දැන් ගෙවමින් සිටින්නේ තම ජීවිත කාලයේ අවසන් සමය යැයි ලිපියක් මගින් දන්වා තිබේ.

එම ලිපිය ඉතාලි පුවත්පතක පළ වී තිබෙන අතර තමන් ජීවිතයේ අවසන් සමය ගෙවමින් සිටින බව එම ලිපියේ සඳහන්ව ඇතැයි වාර්තා වේ.

උන්වහන්සේ සියවස් හයකට පසු පාප් තනතුරෙන් ඉල්ලා අස් වූ එකම පාප්වහන්සේවන අතර 2013 වසරේ පෙබරවාරි මාසයේදී පාප් පදවියෙන් ඉවත්ව තිබේ.  .

මේ වනවිට 90 වන වියේ පසුවන උන්වහන්සේෙගේ මානසික සෞඛ්‍ය තත්ත්වය ඉතා ඉහළ තත්ත්වයක පවතින නමුත් කායික සහ චලන දුර්වලතාවලින් පෙළෙන බව විදේස් ආරංචිමාර්ග වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here