විශේෂ මහාධිකරණයේ නඩු විභාග ඉදිරි සතියේ ඇරඹේ

0
3

මහා පරිමාණ මූල්‍ය වංචා සහ විමර්ශන කරන විශේෂ මහාධිකරණයේ වැඩකටයුතු ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට නියමිතයි.

රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ එම අධිකරණ වැඩකටයුතු ආරම්භ කිරීමට අදාළ යටිතල පහසුකම් සකස් කිරීමේ කටයුතු මේ වනවිට සකස් කර ඇති බවයි.

විශේෂ මහාධිකරණයේ මුලින් විභාගවන නඩු පිළිබඳ අග්‍ර විනිශ්චයකාරවරයා විසින් තීරණය කිරීමට නියමිත ව ඇත.

මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ විමර්ශනය කෙරෙන විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙකු අග විනිසුරුවරයා විසින් පසුගිය දා නම් කරනු ලැබී ය.

මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න ඊට ඇතුළත් වේ.

විශේෂ මහාධිකරණ පිහිටුවීම සඳහා වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව වැඩි ජන්ද 67කින් සම්මත විය.

ඒ පාර්ලිමේන්තුවේ පැවති එක්දින විවාදයකින් අනතුරු ව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here