මල්ලිට කුඩු විකිණූ කුඩු මුදලාලිගේ නිවසට අයියා ගිනි තියයි

0
31

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ නෙටොල ප්‍රදේශයේ දී තම සහෝදරයාට හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කළ බවට පවසමින් පුද්ගලයකු එම හෙරොයින් අලෙවි කළ පුද්ගලයාගේ නිවසට පෙට්‍රල් දමා ගිනි තබා තිබේ.

මාස කිහිපයක් පුරා තම සහෝදරයාට සහ ගම්වාසී තරුණයන්ට මෙම පුද්ගලයා හෙරොයින් අලෙවි කරන බවත් පොලීසිය විසින් මෙම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවත් පවසා මෙම ගිනි තැබීම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ගිනි තැබීම නිසා නිවසේ මුලුතැන්ගෙය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර එහි තිබූ රුපියල් ලක්ෂ ගණනක විදුලි උපකරණ ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

ගිනි තැබූ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව වැල්ලවාය පොලීසිය පවසයි.

මේ පිළිබඳ ඉදිරි විමර්ශන වැල්ලවාය පොලීසිය සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here