ව්‍යායාම් කරන උපකරණයකින් පහර දී සැමියා බිරිඳ ඝාතනය කරයි

0
25

වේයන්ගොඩ, කටුවස්ගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් සිය බිරිඳ ඝාතනය කර තිබේ.

ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින්, ව්‍යායාම් කිරීමට භාවිතා කරන උපකරණයකින් බිරිඳගේ හිසට පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

පහරකෑමෙන් තුවාල ලැබූ කාන්තාව වතුපිටිවල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 27 හැවිරිදි කටුවස්ගොඩ ප්‍රදේශයේ පදංචිව සිටි කාන්තාවක්වන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) සිදුකිරීමට නියමිතයි.

ඝාතනය සම්බන්ධයෙන් එම කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර වේයන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here