ඒකාබද්ධය අද විපක්ෂ නායකකම ඉල්ලයි

0
3

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් රැස්වීමට සහභාගි වූ 16යේ කණ්ඩායමට යළි නිදහස් පක්ෂයේ රැස්වීම් සඳහා සහභාගි විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16යේ කණ්ඩායම ඊයේ (02) ප්‍රථම වරට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම සඳහා සහභාගි විය.

එම රැස්වීමෙන් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

එමෙන් ම, පසුගිය මැතිවරණ සමයේ එකිනෙකාට දැඩි ලෙස චෝදනා එල්ල කර ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කුමාර වෙල්ගම සහ ඩිලාන් පෙරේරා මෙහි දී සුහද පිළිසඳරක නිරත විය.

මේ අතර, පාර්ලිමේන්තුවේ බහුතර විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ලෙස තමන්ට විපක්ෂ නායක ධුරය ලබා දෙන්නැයි කථානායකවරයාගෙන් අද දිනයේ දී ලිඛිත ඉල්ලීමක් සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 70 දක්වා ඉහළ යාම හමුවේ මෙම ඉල්ලීම සිදුකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here