ජාතික විගණන පනත අද විවාදයට ගැනේ

0
4

පසුගිය දිනවල රටේ මහත් කතාබහට ලක්වුණු ජාතික විගණන පනත කෙටුම්පත අද (05) දවස පුරා මැතිසබයේ දී විවාදයට ගැනෙයි.

අද උදෑසන 11.00ට ආරම්භවීමට නියමිත විවාදය පස්වරු 06.30 දක්වා පැවැත්වීමට නියමිත ව ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල පවසයි.

මේ පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක විසින් ඉකුත් අප්‍රේල් මස 04 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

විගණන පනත් කෙටුම්පත මීට කලින් විවාදයට ගැනීමට නියමිතව තිබුණත් විවිධ හේතු මත අවස්ථා ගණනාවකදීම ඒ විවාදය කල් ගියේ ය.

ජාතික විගණන කොමිෂන් සභාව බලාත්මක කිරීම හා ජාතික විගණන කාර්යාලයක් පිහිටුවීම මෙම විගණන පනත මගින් සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here