දියවන්නාවට පෙරලුණු BMW රථයේ හිමිකරුට දඩ

0
12

තමා විසින් පදවන ලද සුඛෝපභෝගී මෝටර් රථය තවත් මෝටර් රථ දෙකක ද ගැටී තවතුගොඩ දී දිය වන්නා ඔයට පෙරලීමෙන් පසු රථය අතහැර දමා පලා ගිය සිද්ධියේ නඩුව අද (15) යළි කැඳවනු ලැබී ය.

එම අවස්ථාවේ දී සැකකරුට පොලිසිය ඉදිරිපත් කර තිබූ චෝදනා 03ක් සඳහා රුපියල් 4500.00ක දඩ මුදලක් ගෙවීමෙන් අනතුරු ව නඩුව අවසන් කිරීමට කඩුවෙල මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් නියෝග කළේ ය.

එසේ නඩුව අවසන් වූයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ ඥාතියෙකු වන ෆාහිම් මොහොමඩ් හුසෙන් නමැත්තෙකුට ය.

ඉකුත් මාර්තු මස 17 වැනි දා උදෑසන සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්යේ මෝටර් රථයක් මාර්ගයේ ගමන් ගත් තවත් මෝටර් රථ දෙකක ද ගැටී තලවතුගොඩ මංසන්ධියේ දී දියවන්නා ඔයට පෙරලීමෙන් පසු මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ සැකකාර පුද්ගලයා පළා ගොස් තිබිණි.

පසුව එම සැකකරු ඉකුත් මාර්තු මස 20 වැනි දා කඩුවෙල අධිකරණයට භාරවීමෙන් පසු ඉකුත් මාර්තු මස 27 වන දික්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එදින පැවැති නඩු විභාගයේ දී රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

ඒ අනුව අද කැඳ වූ නඩුවේ දී සියලු කරුණු සලකා බලමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here