ශ්‍රීපාද වන්දනා සමය නිම වෙයි

0
5

මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2017/2018) ඊයේ (30) වෙසක්‌ පුන් පෝය දිනයට පසු දින අලුයම සිරිත් පරිදි නිමාවට පත් විය.

පුරා මාස 06ක කාලයක්‌ ශ්‍රීපාද උඩ මලුවේ තැන්පත්කර තිබූ සධාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ ඊයේ අලුයම යෙදුන සුබ නැකත් අනුව දොරට වැඩමකර චාරිත්‍රානුකූල ආගමික වතාවත්වලින් අනතුරුව විශේෂ පෙරහැර දෙකකින් රත්නපුර රජ මාවත ඔස්‌සේ හා නල්ලතන්නිය මාර්ගයෙන් වැඩම කිරීමට ඊයේ පෙරවරු 11.00 ට පමණ ශ්‍රීපාද උඩ මළුවේ සිට ගමන් ආරම්භ කෙරිණි.

ලක්‌ෂපාන යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසකගෙන් සමන්විත සමන්දේව පිළිමය තැන්පත් කළ විශේෂ රන්සිවිගෙය රැගත් පෙරහැර පංචතූර්ය නාදය මැද්දේ නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්‌ථානය වෙත ඊයේ පස්වරු 03.00 ට පමණ ළඟා විය.

සමන් දේව ප්‍රතිමාව ශ්‍රීපාද උඩ මළුවේ සිට නල්ලතන්නියට වැඩම කළ අවස්‌ථාවේ බෞද්ධ හින්දු බැතිමතුන් විශාල පිරිසක්‌ නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්‌ථානය වෙත පැමිණ පුද පූජා පවත්වනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here