“යෝජිත නව ව්‍යවස්ථාව අතරමග නතර කරන්න ඕනේ” – එම්. ඒ. සුමන්දිරන්

0
6

යෝජිත නව ව්‍යවස්ථාව අතරමග නතර කළ යුතු තත්ත්වයක් උද්ගත වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පවසයි.

එනම් පැවති පළාත් පාලන මැතිවරණයේදී දකුණේ බහුතරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමිවී තිබිම නිසා මෙම තත්වය උද්ගතවී ඇතැයි හෙතෙම යාපනයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසෛ් සඳහන් කර තිබේ.. 
“මෙවර පළාත් පාලන මැතිවරණයේදී උතුරේ දෙමළ ජනතාව ඡන්දය පාවිච්චි කළේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වූ අතුරු ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීමටයි. නමුත් දැන් දකුණේ බලය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවී තිබෙනවා.
මේ නිසා දෙමළ ජනතාවට පෙඩරල් පාලනය සිහිනයක් වන්නට පුළුවන්. ඒ නිසා උතුරේ සියලු දෙමළ සංවිධාන ප්‍රතිපත්තිමය වශයෙන් ඒකාබද්ධ වී කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුව තියෙනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here