“මම ඉස්සර විරූපී කෙනෙක් -දැන් මාත් එක්ක මිලියන ගානක් ඉන්නවා” – අසාමාන්‍ය යුවතිය කියන කතාව

0
245

යමෙකුට කුමක් හෝ සිදු වුවහොත් ඒ පෙර කර්මය නිසා වුණා කියනවා. පව පඩිසන් දුන්නා කියනවා. ලෝකයේ බොහෝ දරුවන් නිරෝගිව සුන්දරව මෙලොව එළි දුටුවත් ඇතැමෙකු මේ කිසිවක් නොමැතිව විරූපී වී එහෙම නැතිනම් රෝගයක් සහිතව උපදින්නත් පුළුවන්. එවැනි පිරිස් මේ සමාජයෙන් දකින්න ලැබෙනවා. එය හේතුවක් කරගෙන ජිවත් විය යුතු නිසා අරමුණකින් තොරව ජීවිතය ගෙවා දමන්නන් අතර ඒ ඉපදීම අභියෝගයක් කරගෙන ජිවත් වෙන්නන් ගැන අහන්න දකින්න ලැබෙනවා.

මේ කියන්න යන්නෙත් එහෙම යුවතියක් ගැන. ඇය උපදින්නේ මුඛ පිළිකාවක් සහිතව. තරමක් දුරට ඒ රූපය විරූපීයි. නමින්  Marimar Quiora. වයස අවුරුදු 21ක මේ යුවතිය දිරිය යුවතියක්. ඇය Inspirational Vlogger Redefines Beauty ලෙසින් YouTube හි ජනප්‍රිය යුවතියක්. රූපලාවන්‍ය ශිල්පිණියක්. ඒ ශිල්පය ඇය YouTube  ඔස්සේ ලෝකයටම කියා දෙනවා. කතා කිරීමට නොහැකි ඇය ඇගේ ශිල්පය කියා දෙන්නේ සංඥා භාෂාව හරහායි. කැලිෆෝනියාවේ ජිවත් වෙන Marimar ඇය ගැන කියන්නේ මෙහෙම කතාවක්.

“පුංචි කාලේ ගේ අවට පොඩි ළමයි එක්ක සෙල්ලම් කරන්න යද්දී මාව ඒ අය ප්‍රතික්ෂේප කළා. මට හිනා වුණා, මම හරිම කැත කෙනෙක් කියලා කිව්වා. පාසලට ඇතුලත් වුණහමත් ඒ වගේ ප්‍රතිචාර ලැබුණේ. මට යාළුවො හිටියේ නැහැ. ඇඩුවා දුක් වුණා. නමුත් තේරෙනකොට මම හිතුවා හැමෝම මාත් එක්ක කතා කරන මට්ටමට මොනවා හෝ කරනවා කියලා. මම රූපලාවන්‍ය ඉගෙන ගෙන ඒ දැණුම YouTube  ඔස්සේ බෙදා දුන්නා. අද මම ගැන මිලියන ගණනක ජනතාව සතුටු වෙනවා. මා ගැන කතා කරනවා. මුලින් මගේ මුහුණට කැතයි කියූ පිරිස දැක්කොත් හිනා වෙලා කතා කරනවා. මම මගේ මේ දැනුම ලෝකයට බෙදනවා. කිසිම කෙනෙක් තමන්ගේ ශරීරය ගැන වදවෙන්න එපා. කොහොමද ඔබේ පෙනුම, එය ඔබට දැනෙන්නේ කියලා. තමන්ට හිතෙන දේ හරියට කරන්න ..ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා විවාහ වෙන්න. විවාහ වෙලා ලස්සන ජිවිතයක් ගත කරන්න. කිසිම වෙලාවක ඍණාත්මක නොහිතන්න ජය අවශ්‍යයි නම් කියලයි මම කියන්නේ..”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here