චැනලින් ගාස්තු ඇතුළු තවත් සේවා කිහිපයක වැට් බද්ද ඉවතට

0
7

වෛද්‍ය උපදේශන ගාස්තු, වැනලින් ගාස්තු හා වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු මත මෙතෙක් පනවා තිබු 15%ක් වූ වැට් බද්ද ජූලි මස 01 වැනි දා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඊයේ (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සිදු කළ ඉල්ලීමක් මත මෙම යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වු බවයි.

ඒ අනුව 2016 ජනවාරී මස 01 වැනි දා ක්‍රියාත්මකව තිබු වැට් බදු ගාස්තුව ජුලි මස 01 වැනි දා සිට ක්‍රියාත්මක නොවනු ඇත.

2016 වසරේ දී වෛද්‍ය උපදේශන ගාස්තු මත හඳුන්වා දුන් අවස්ථාවේ දී රෝහල් කාමර ගාස්තු, වෛද්‍ය වෘත්තික ගාස්තු හා චැනල් ගාස්තු යන තෝරා ගත් සෞඛ්‍ය සේවා සැපයීමට වැට් බද්ද පණවනු ලැබු බව ද අමාත්‍යවරයා පැවසී ය.

කෙසේ වෙතත් 2016 වසරේ දී භාහිර රෝගී අංශය (OPD) සඳහා තිබු වැට් බදු වත්මන් රජය විසින් ඉවත් කළ බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

කෙසේ වෙතත් පෞද්ගලික රෝහල් කාමර ගාස්තු සඳහා පනවා ඇති බදු මුදල්වල කිසිදු වෙනස්වීමක් නොමැති බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ ය.

2020 වනවිට රජයේ මුළු අයවැයෙන් 05ක්% සෞඛ්‍ය සඳහා වෙන් කිරීමට බලාපොරොත්තුවන බව ද අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here