කොළඹ දන්සල්වල අඩුවක්

0
8

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර කොළඹ මහනගර සභා සීමාව තුළ පැවැත්වීම සඳහා ලියාපදිංචි වී ඇති දන්සල් සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසයි.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පසුගිය කාලයෙහි මහනගර සභා සීමාව තුළ දන්සල් 100ක් පමණ ලියාපදිංචිවන නමුත් මෙවර එය 40 දක්වා අඩු වී ඇති බවයි.

මේ අතර, දන්සැල් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත්වීමට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

සුවසැරිය සෞඛ්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ 0710 107 107 යන දුරකථන අංකය ඇමතීමෙන් අදාළ තොරතුරු ලබා ගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here