ගාලු පාරේ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

0
4

කොස්ගොඩ ජලාශයේ වෑල්වය සවි කිරීම හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම අද (03) පෙරවරු 09.00 සිට රාත‍්‍රී 07.00 දක්වා පැය 10ක කාලයක් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ගාලු පාරේ බලපිටිය වයි.එම්.බී ශාලාව අසල සිට කොස්ගොඩ දක්වාත්, ඒ අතර ඇති සියලු අතුරු මාර්ගයන්හිත්, ගල්මංගොඩ සහ බෙන්තර ජල සම්පාදන ක‍්‍රමය මගින් ජලය සපයන ප‍්‍රදේශයන්හිත් ජල සැපයුම අත්හිටුවනු ලබන බව එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක් වේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here