”ලව් සීන් යද්දි පොඩ්ඩක් චුරු චුරු ගානවා” – තිසුරි යුවනිකා අනාගත සැමියා ගැන කියයි

0
40

”විවාහය ලබන මාසේ”

”විවාහයෙන් පස්සෙ වුණත් ඒ තෝගැනීම එහෙමමයි”

“ජිවිතේට තව එක්කෙනෙක් එකතු වෙනවා..”

“ලැබුණොත් එහෙමයි නැත්නම් ගෙදරට වෙලා ඉන්නවා..”

තිසුරි යුවනිකා කියන චරිතයට රංගනය ඕපපතිකයක් නෙමෙයි. පුංචි කාලේ ඉඳලම රංගනයට අවශ්‍ය ආම්පන්න ඇයට සමීපයි. විවිධ චරිත ඔස්සේ දකින්න ලැබෙන යුවනිකා ළඟදීම විවාහ වෙන්න යනවා කියලා ආරංචියි. ඒ ගැන වගේම ඇයගේ අලුත් තොරතුරු ගැන ඇය පුවත්පතකට කියලා තිබෙනවා. ඒ මෙන්න මේ විදිහට…

විවාහයත් ළඟම එනවා නේද?
ඔව් විවාහවෙන්න ළඟයි දැන්. ඒවට ලෑස්තිවෙනවා. ඒ වැඩත් මේ අස්සෙ යනවා. ඒ හින්දා කාර්යබහුලයි මේ ටිකේ.

කවද වගේ ද විවාහ වෙන්න හිතන් ඉන්නේ?
විවාහය ගන්න හිතන් ඉන්නේ ලබන මාසේ. ඒ හැම දෙයක්ම හොඳ විදියට සිද්ධවෙයි.

කොහොමද ඔබට ඔහු මුණගැහෙන්නේ ?
අපි පොඩිකාලේ ඉඳලම යාලුවෝ. පවුල් දෙකත් අඳුරනවා. ඔහු වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ රැකියාව කරන්නේ. එහෙම තමයි ඉතිං.

ඔහුගෙන් රංගනයට ලැබෙන සහයෝගය ?
එයා මාව පොඩිකාලෙ ඉඳලම දන්නවා. මම රඟපාන එක ගැනත් එයා දන්නවා. මගේ නාට්‍යය බලනවා. ඒවා ගැන විවේචනත් කරනවා. ඉතිං එයාගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. හැබැයි ඉතිං ලව් සීන් යද්දිනන් පොඩ්ඩක් චුරු චුරු ගානවා. රංගනය ගැන හරි හැටි දන්න නිසා හොඳ චරිත කරනව නම් මට එයාගෙන් ගැටලුවක් නෑ.

මෙතෙක් අම්මා ඔබ පසුපසින් ඉඳගෙන ඔබත් එක්ක හිටියා. විවාහයෙන් පස්සෙ ඔහුට පුළුවන් වෙයි ද කලින් කරපු වැඩ ටික කරන්න?
විවාහ වුණා කියලා මගේ අම්මගෙන් තාත්තගෙන් මට ලැබෙන ගුරු හරුකම් අවවාද අඩුවෙන්නේ නැහැ. ඒක මට ඉදිරියේදිත් එහෙමමයි. ඒකට තව එක්කෙනෙක් එකතු වෙන එකයි වෙන්නේ.

කාලයක් ඔබ රූපවාහිනියෙන් ඈත්වෙලා හිටියේ ක්ෂේත්‍රය ගැන කලකිරීමක් නිසා ද?
මෙහෙමයි මම වැඩ කරන්නෙ මම කැමති විදියෙ චරිතයක් ලැබුනොත් විතරයි. එහෙම නැත්තන් මම වැඩ කරන්නෙ නෑ. මට යමක් කරන්න තියෙනවද කියලා බලලා සහ මම අය කරන ගාණක් තියනවා ඒ හැමදේකටම එකඟ වුණොත් මම ඒක භාර ගන්නවා. එහෙම කරත් ඒවා විකාශය වෙන්න නාලිකා කැමති වෙන්න ඕන. එහෙම නාට්‍ය හතරක් විතර තියනවා විකාශනය වෙන්න. විවාහයෙන් පස්සෙ වුණත් ඒ තෝගැනීම එහෙමමයි. එහෙම චරිත ලැබුණොත් කරනවා. නැත්නම් ගෙදරට වෙලා ඉන්නවා.

ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
අපි චරිතයක් කරන්න ගොඩාක් මහන්සි වෙනවා. ඒ ප්‍රේක්ෂකයන් සතුටු කරන්න. ඉතිං ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒක ලොකු ශක්තියක් අපිට. ප්‍රේක්ෂකයන් අපේ නිර්මාණ වැළඳගත්තෙ නැත්තන් අපි කොච්චර රඟපෑවත් ඇති වැඩක් නැහැ. වාසනාවට මට එහෙම ප්‍රතිචාරවලින් අඩුවක් නම් නැහැ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here