දරු දෙදෙනා සමග එක් වී වස පානය කළ පියෙක්

0
15

චාවකච්චේරිය ප්‍රදේශයේ දී පියෙකු විසින් ඊයේ (30) රාත්‍රියේ සිය දරුවන් දෙදෙනාට වස දී ඔහු ද වස පානය කර තිබේ.

35 හැවිරිදි පුද්ගලයෙකු සිය 10 හැවිරිදි පුත්‍රයාට සහ 07 වැනි වියේ පසු වූ දියණියට එලෙස වස දී ඔහු ද වස පානය කර ඇති බවයි පොලිසිය පවසයි.

වස පානය කිරීමෙන් බරපතල තත්වයේ පසු වූ ඔවුන් තිදෙනා ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

රෝහල වෙත ඇතුළත් කෙරුණු තිදෙනා මේ වනවිට යාපනය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

පවුල් ආරවුල් හේතුවෙන් දරුවන් දෙදෙනාගේ මව මොවුන්ගෙන් වෙන්ව ජීවත්වන බව චාවකච්චේරිය පොලිසිය වැඩිදුරත් සඳහන් කරයි.

ඔවුන් මෙලෙස වස පානය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර චාවකච්චේරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here