මුහුදු ගිය ධීවරයන් තිදෙනෙකු අතුරුදහන්

0
2

ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු රැගත් බෝට්ටුවක් අතුරුදහන්වීම සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ඊයේ (12) දිනයේ මුලතිව් නයාරූ ප්‍රදේශයෙන් අදාළ ධීවරයින් රැගත් බෝට්ටුව ධීවර කටයුතු සඳහා පිටත් ව ගොස් ඇති බව පොලීසිය පවසයි.

අතුරුදහන්වූවන් සෙවීමේ කටයුතු නාවික හමුදාවේ සහය ඇතිව ආරම්භ කර ඇති බව මුලතිව් පොලීසිය පවසයි.

අතුරුදහන් ව ඇත්තේ හලාවත බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක්, 48ක් සහ 24 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් තිදෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here