“සම්බන්ධන්ට විපක්ෂ නායක ධූරය අහිමි වීම ළගයි” -TNA කියයි

0
54

Related image

දෙමළ ජාතික සන්ධානය සතු විපක්ෂ නායක තනතුර එම පක්ෂයට ඉදිරියේ දී අහිමි වනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් පවසයි. විපක්ෂ නායක ආර්.සම්බන්දන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංගය හේතුවෙන් මෙම අහිමිවීම සිදුවනු ඇති බව ඔහු කියා සිටියේ ය.

ඉදිරි පාර්ලිමේන්තු සභාවරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවට තමන් වෙත කරුණු ලැබී ඇති අතර එවැනි තත්ත්වයක් හමුවේ අදාළ තනතුරේ දෙමළ ජාතික සන්ධානයට තවදුරටත් රැඳී සිටීමේ අවස්ථාව හිමි නොවන බව මන්ත්‍රීවරයා කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here