අද ශෝක දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ

0
55

අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම හේතුවෙන් අද (02) ශෝක දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම ශෝක දිනය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මේ අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ දිනයේ දීත් ආගමික නායකයන්, මහජන නියෝජිතයින් සහ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියේ ය.

ඔහුගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී සිදුකිරීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here