අද සිට වැසි තත්ත්වයේ අඩුවක්

0
2

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වය අද (19) සිට අඩුවීමක්‌ දක්‌නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්‌කුවල් පවසයි.

මෙම වර්ෂාව අඩුවීම 23 වැනි දා තෙක්‌ පවතින බවත් ඉන්පසු දින කිහිපයක්‌ නැවත වර්ෂාව පතිතවීමේ හැකියාව පවතින බවත් හෙතෙම කීවේ ය.

කෙසේ වෙතත් බස්‌නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්‌ත්‍රික්‌කවලත් සවස 02.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව ද බස්‌නාහිර සහ දකුණ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසී ය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here