අද රස්නය හෙට දිවයිනේ පැති දෙකකට සීතලට හැරෙන හැටි

0
79

Image result for weather sri lanka

මැයි මස 04 වන දින සිට දිවයිනේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂ කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව සඳහන් ය. දකුණ සහ ඌව පළාත්වලත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් මි.මී. 50ක පමණ සාමාන්‍යය තද වැසි ඇති විය හැකි බවත් සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

මේ අතර උතුර, උතුර මැද, නැගෙනහිර, ඌව සහ වයඹ යන පළාත්වලට මෙන්ම මාතලේ, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට අද (03) දිනයේදී බලපෑ හැකි තදබල උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here