කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

0
33

නව කැළණි පාලමෙ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ, නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබේ.

හෙට (03) සිට ලබන 05 වැනි දා දක්වා දිවා සහ රාත්‍රී කාලයේ වරින්වර මෙම මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මේ හේතුවෙන් මාර්ග තදබදයක් ඇතිවිය හැකි බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here