Trip යනවනම් යන්න හොදම තැන් මෙන්න

0
99

ලෝක වටේම සංචාරය කරත් මඟ හැරෙන්න පුලුවන් ලස්සන තැන් නම් කොච්චර ඇත්ද? මේ තියෙන්නේ ඒ වගේ  සංචාරකයන්ගේ නොදැනුවත්කම නිසා  මඟ හැරෙන ලෝකේ අපූරුම ස්ථාන කිහිපයක්.

හිලියර් විල (ඕස්ට්‍රේලියාව)

හිලියර් විල පිහිටා ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියාවේ දකුණු වෙරළ ආසන්නයේ.මෙහි  ඇති සුව්ශේෂීත්මය තමයි මෙහි ඇති ජලය රෝස පැහැ ගැන්වීම.එයට හේතුව වන්නේ එහි ජීවක් වන ඇල්ගී විශේෂයකි.පේපර්බාක් සහ යුකැලිප්ටස් ගස් සහිත පටු වැලි තීරයක් මගින් මෙම ස්ථානය  මුහුදෙන් වෙන් වී පවතී. මැතිව් ෆ්ලින්ඩර්ස් නම් ඉංග්‍රීසි ජාතික දේශ ගවේෂකයා විසින් 1802 වසරේදී මෙම අපූරු ස්ථානය සොයා ගෙන ඇත.

බ්ලාගායි (බොස්නියා සහ හර්සගොවීනා)

බ්ලාගායි හි ඇති වැදගත්ම නිර්මාණය  ඉස්ලාම් වන්දනාකරුවන් විසින් ගොඩ නැංවූ ආරාමයයි. මෙය බොස්නියා සහ හර්සගොවීනා කියන්නේ ගිනිකොනදිග යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයේ පිහිටා ඇති රටකි.ජාතික ස්මාරකයක් ලෙස නම් කර ඇති මෙය ටෝමන් ගෘහ නිර්මාණ ශිල්පයට සහ මධ්‍යධරණී මෝස්තරයට අනුව නිර්මාණය කර ඇත.

 

සිල්ෆරා විවරය (අයිස්ලන්තය)

තින්ග්වෙලියර් ජාතික උද්‍යානයට අයත් විශාල සිදුරක් සිල්ෆරා විවරය හඳුන්වා ඇත. භූමි කම්පා හේතුවෙන් නිර්මාණය වී ඇති මෙය සම්පූර්ණයෙන්ම පිරී ඇත්තේ ග්ලැසියර දිය වීමෙන් නිර්මාණය වූ භූ ජලයෙනි. කිමිදෙන්නන් අතර සිල්ෆරා විවරය ඉතාමත්ජනප්‍රිය වේ . එයට හේතුව වන්නේ මෙම ජලයේ පවතිව සුපැහැදිලි බවයි.මීටර් හැට තුනක පමණ ගැඹුරකින් යුතු මෙහි ජලය තුළ දෘශ්‍යතාවය මීටර් අසූවක් පමණ වෙනවා.

අයිසෝලා බෙලා (ඉතාලිය)

මෙය 17 වැනි සියවසේදී ගොඩ නංවන ලද පැරණි මන්දිරයකින්, උද්‍යානයකින් සහ කුඩා ධීවර ගම්මානයකින් සමන්විත වේ. මෙය තෙවැනි කාලෝ රජු විසින් ගොඩ නංවන ලද්දකි.අයිසෝලා බෙලා’ යන ඉතාලි වදනේ අර්ථය වන්නේ ‘ලස්සන දූපත’ යන්නයි. මෙය උතුරු ඉතාලියේ පිහිටි බොරෝමින් දූපත් පංචයෙන් එකකි.

අයිලස් මරියෙටාස් ජාතික උද්‍යානය (මෙක්සිකෝව)

සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය වී ඇති සැඟවුණු වෙරළ බටහිර මෙක්සිකෝවේ පිහිටා ඇත. මෙය අයිලස් මරියෙටාස් ජාතික උද්‍යානය ලෙස නම්කර ඇත.වසර දහස් ගණනක් තිස්සේ සිදුවූ ගිනිකඳු පිපිරීම්වල ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී ඇති මෙම දූපත්, ආවාටයක ස්වරූපයෙන් යුක්තවේ.

ලෙස් ලගාස් දේවස්ථානය (කොළොම්බියාව)

ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සකසා ඇති වර්තමානයේ දක්නට ඇති ලෙස් ලගාස් දේවස්ථානය ගොඩ නංවා ඇත්තේ 1916 සිට 1949 දක්වා කාලය තුළයි. ග්වයිටාරා (Guáitara) ගංගාවට ඉහළින් පිහිටි පර්වත විවරයක් තුළ නිර්මාණය කර ඇති මෙය පිහිටා ඇත්තේ දකුණුදිග කොළොම්බියාවේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here