කෝටියක් වටිනා වාලම්පුරියක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

0
8

රුපියල් කෝටියක් පමණ වටිනාකමින් යුත් වාලම්පුරියක් සමග  කිලිනොච්චිය, කනකපුරම් ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

සැකකරුවන් විසින් කිලිනොච්චිය සිට යාපනය දක්වා වාලම්පුරිය රැගෙන යමින් සිටිය දී එය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here