රේගු නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

0
4

විදේශීය මත්පැන් සහ දුම්වැටි තොගයක් නීති විරෝධීව ප්‍රවාහනය කරමින් සිටි රේගු නිලධාරීන් දෙදෙනෙකු කොළඹ, කොච්චිකඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ය.

බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ විදේශීය දුම්වැටි 9000ක් සහ විදේශීය මත්පැන් බෝතල් 108ක් එහි දී සොයාගෙන තිබේ.

අදාළ නිලධාරීන් ඒවා අලෙවි කිරීමට රැගෙන ගොස් ඇත්තේ රේගු දෙපාර්තමේන්තුවටම අයත් රථයකින් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here