දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් විදේශිකයින් දෙදෙනෙක් මිය යයි

0
37

Image result for southern expressway accidents

කොට්ටාව-ගාල්ල අධිවේගී මාර්ගයේ, කුරුදුගහ ප්‍රදේශයේදී අද (20) අලුයම රිය අනතුරක් සිදුව තිබේ. විදේශිකයින් පිරිසක් රැගත් වැන් රථයක නතර කර තිබුණු කන්ටේනර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව වාර්තා වේ.

වාර්තාවන අන්දමට කොට්ටාව සිට ගාල්ල දෙසට ගමන් කරමින් තිබු කන්ටේනර් රථයේ රෝදයක හුලං බැස ඇති අතර එම රථයේ රියදුරු සහ රිය සහයක විසින් අධිවේගී මාර්ගයේදී ටයරය මාරු කරමින් සිටියදී විදේශිකයින් රැගත් වැන් රථය කන්ටේනර් රථයේ ගැටී ඇති බව සිද්ධිය ඇසින් දුටුවෙක් ප්‍රකාශ කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here