වාහන තුළ ලිංගික සේවනය ලබාදෙන ගණිකාවන් දෙදෙනෙක් කොටු කර ගනී

0
94

පොලීසියට ලද තොරතුරකට අනුව ගල්කිස්ස ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ජංගම ගණිකා නිවසක් වටලා කළමණාකරු සහ තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් තරුණියන් වයස අවුරුදු 23,28 යන වයස්වල පසුවන්නියන් බව වාර්තා වේ. ඔවුන් තිදෙනා නුගේගොඩ සහ මහරගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

මෙම සැකකාර කළමනාකරු සහ තරුණියන් දෙදෙනා ගල්කිස්ස ප්‍රදේශයේ වාහනයක රැඳී සිටින බවත් ලැබෙන දුරකතන ඇමතුම්වලට අනුව අදාල වෘත්තිය සිදු කරන බවත් අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් එක් පුද්ගලයෙකු පමණක් ගණිකා සේවය ලබා ගැනීමට පැමිණියහොත් සිය රථයේ වුව ද ලිංගිකව එක්වීමට අවස්ථාව ලබා දී ඇති බව පොලීසිය පවසයි.

සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අද (12) ගල්කිස්ස අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here