බස් රථයක් සහ යතුරු පැදියක මුණට මුණ ගැටෙයි – සිසුන් දෙදෙනෙක් මියයයි

0
8

අද (04) පෙරවරු 06.45 ට පමණ දෙයියන්දර හක්මන මාර්ගයේ පිටවල්ගමුව ප්‍රදේශයේ දී බස් රථයක් හා යතුරු පැදියක් ගැටී පාසල් ළමුන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

බස් රථයට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ යතුරු පැදිය මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුන් දෙදෙනා නරවැල්පිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ, පේදුරුහේවා කංකානම්ගේ කැලුම් සඳරුවන් නැමති වයස අවුරුදු 16ක් වු කළුවලාකැටිය, දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙන අතර, අනෙක් සිසුවා ගුරුසිංහගේ ඉන්ද්‍රජිත් කුමාර නැමති වයස අවුරුදු 19ක් වු දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීර නරවැල්පිට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (04) සිදු කිරීමට නියමිත අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

දෙයියන්දර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here