ඝාතන සැකකරුවන් දෙදෙනෙක් පෝරකයට

0
3

පුද්ගයෙකු ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ චූදිතයින් දෙදෙනෙකු හට ගාල්ල මහාධිකරණය විසින් මරණ දඞුවම නියම කර ඇත.

2006 වසරේ නොවැම්බර් මස 04 වන දින අක්මීමන ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්හට චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඊයේ (09) දිනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගාල්ල මහාධිකරණය විසින් චූදිතයින් හට මරණ දඞුවම නියම කළේ ය.

මෙලෙස මරණ දඞුවම නියම වී ඇත්තේ 48 හැවිරිදි සහ 50 හැවිරිදි අමල්ගම, හියාරේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු හට ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here