පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

0
20

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු කොළඹ තොටලඟ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කරයි.

සැකකරුවන් ප්‍රකාශ ලබා ගැනීමේ කටයුතු සඳහා මේ වනවිට පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට භාර දී තිබේ.

මෙම පුද්ගලයින් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ගෝලයින් බවට මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here