එරාවුර් ප්‍රදේශයේ මාරක රිය අනතුරක් – දෙදෙනෙක් මියයයි

0
12

මඩකලපුව, වාලච්චේන ප්‍රධාන මාර්ගයේ 26 වන කිලෝමීටර් කණුව අසල දී සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මියගොස් තිබේ.

පුද්ගලික බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී මෙම අනතුර සිදු ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරෙන් වෑන් රථයේ රියදුරු එම ස්ථානයේ දී ම මියගොස් ඇති අතර එම රථයේ ගමන් ගත් තවත්‍ සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඉන් එක් අයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 25 හැවිරිදි අයෙකු සහ 11 හැවිරිදි දරවෙකු බව පොලීසිය පවසයි.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා එරාවූර් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here