විවාහ ජීවිතය නිසා සංගීත්ගේ ජීවිතය අවුල් වුණ බව කියපු තාත්තා යළි විවාහ වූ හැටි(PHOTOS)

0
1026

 

අවුරුදු තිහකට පස්සේ ආයෙමත් මනාලයකු වෙන්න ඔබට හිතුණේ ඇයි?

මෙහෙමයි. මම විවාහ වුණේ 1988 ජුනි 08 වැනිදා. ඒ වෙද්දී මම හෝටල් කළමනාකරුවකු විදියටයි වැඩ කළේ. මගේ බිරිඳ ජෙනි ගුරුවරියක්. ඒ කා‍ලේ ප්‍රේම සම්බන්ධයක් මතයි අපි විවාහ වුණේ. අපි සතුටින් සාර්ථකව වසර තිහක් යුග දිවිය ගත කළා. ඒ සතුට සමරන්නයි මේ විදියට නැවතත් මංගල ඇඳුමෙන් සැරසෙන්න හිතුවේ.

ඊට අමතරව විශේෂ උත්සවයක් එහෙමත් ගත්තාද?

නැහැ. මමයි ජෙනියි මංගල ඇඳුමින් සැරසිලා ඡායාරූප ගත්තා. හවස ගෙදර ‍පොඩි පාටි එකක් තිබුණා. එච්චරයි.

ඡායාරූපවලට ඔබ දෙපළ සැරසුණේ උඩරට මංගල ඇඳුමින්? අවුරුදු තිහකට කලින් ඔබ දෙදෙනා විවාහ වන විටත් ඔබ සැරසී සිටියේත් උඩරට ඇඳුමින්ද?

නැහැ. එදා අපි සැරසුණේ බටහිර මනාල යුවළක් විදියටයි. මම ටයිකෝට් ඇන්දා ජෙනි වේල් පැලඳලා බටහිර මනාලියක වගේ සැරසුණා. ඒ හින්දා මේ උත්සවයට උඩරට ඇඳුමින් සැරසුණා. මේ වේලාවේ විශේෂයෙන් කිව යුත්තක් තියෙනවා. අපේ මේ උත්සවයට නොමි‍ලේ අනුග්‍රහය දැක්වූ කීප දෙනෙකු ඉන්නවා.

රශ්මි සැලෝන් (හැඩගැන්වීම) ඇහැ‍ලේ‍පොල මුල් ඇඳුම් සපයන්නෝ (මුල් ඇඳුම්) අභිෂේක මණ්ඩපය (ආභරණ) සෙනිත් ස්ටුඩියෝ ප්‍රසන්න (ඡායාරූප) හැඩකාරි ආයතනය (ඇඳුම් සැපයීම) යන අයට මම මේ මොහොතේ ස්තූතිවන්ත වෙනවා.

සුරංගගේ බිරිඳ ජෙනීත් නිළියක් නේද?

ජෙනිව නිළියක් කළේ මමයි. ඇය මගේ නාටක මාරයි නාට්‍යයේ රඟපානවා. ඉදිරියේදී මම කරන තවත් නාට්‍යයක රඟපානවා. ජෙනිට රඟපාන්න තවත් ආරාධනා ලැබෙනවා. ඒත් වෘත්තියෙන් ගුරුවරියක් හින්දා රඟපාන්නේ මගේ නාට්‍යවල විතරයි.

වසර තිහක් පුරා ආ යුග දිවිය ගැන කතා කරද්දී ජෙනි ගැනත් ඔබට යමක් කියන්නට ඇති?

ජෙනි මට බිරිඳක් ‍නෙවෙයි අම්මා කෙනෙක්. මම කලාව තුළ ජනප්‍රිය වුණේ ඇය සමග විවාහ වූවාට පසුවයි. ඊර්ෂ්‍යා කුහකකම් තියෙනවා. මම ගැන නොයෙක් කේලම් නිර්නාමික ඇමතුම් විදියට ඇයට කී අය හිටියා. ඇය ඒවායින් සැලුණේ නැහැ. අදටත් මගේ ජීවිතය සාර්ථක වීම පිටුපස ඇය සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here