උදයංග වීරතුංග ලංකාවට දිය නොහැකි බව එක්සත් අරාබී ඒමීර් රාජ්‍යය පවසයි

0
7

Image result for Udayanga weeratunga

මිග්‍ ගනුදෙනුවේදී සිදුවූ බව කියන මුල්‍ය වංචාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීස් භාරයේ රඳවා ගෙන ඇති හිටපු රුසියාවේ තානාපති උදයංග වීරතුංග සිය රටින් පිටුවහල් කළ නොහැකි බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ බව පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි .

එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර පසුගිය 2002 වසරේ දී පිටුවහල් කිරීමට අදාල සම්මුත්තියකට එළඹ ඇති නමුත් ඊට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොමැතිවීම බාධාවක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here