අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට

0
9

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකුවන හර්ෂ චතුරංග පෙරේරා හෙවත් පෙතියාගොඩ සංඛ නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

27 හැවිරිදි සැකකරු අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයා ලෙස සැලකෙන බවට වාර්තා වේ.

බලංගොඩ පින්නවල ප්‍රදේශයේ තේ වත්තක සැඟ ව සිටිය දී ඔහු ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය වසරේ පෙබරවාරි මස 27 වැනි දා සමයං ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවෙකු ලෙස පෙතියාගොඩ සංඛ කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here