රූපලාවන්‍ය ශිල්පිණී මංජුලා සහ ‘පොලී රොෂාන්’ ඝාතනය කළ බව කියන පාතාල සාමාජිකයා කොටුවෙයි

0
13

”අංගොඩ ලොක්කා” නමැති පාතාල නායකයාගේ ප්‍රධානතම ගෝලයෙකු වශයෙන් හඳුන්වනු ලබන මුනිවරගේ අසිත ප්‍රේමතිලක නොහොත් ”සොල්ටා” නමැති පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය කාලයේ රූපලාවන්‍යා ශිල්පිණියක් වූ මංජුලා සඳුනි අබේරත්න යන කාන්තාව ඝානතය කිරීමට හා මාලබේ පදික වේදිකාවක් මත දී රොෂාන් ප්‍රේමලාල් නොහොත් ‘පොලී රොෂාන්’ නමැති පුද්ගලයාට යතුරු පැදියකින් පැමිණ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම් සඳහා ප්‍රධාන සැකකරු වී සිටියේ ද මෙම පුද්ගලයා බව පොලීසිය සඳහන් කරයි.

වයස අවුරුදු 23ක් වූ මෙම අසිත ප්‍රේමතිලක නමැති සැකකරු අංක 442/3, මුල්ලේරියාව උතුර, මුල්ලේරියාව යන ලිපිනයේ පදිංචි අයෙක් බව පොලීසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කළ මෙහෙයුමකින් අනතුරුව බොරුල්ල ප්‍රදේශයේ දී මොහුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්වන විට ඔහු සතු ව තිබී මිලි මීටර 09 වර්ගයේ පිස්තෝලයක්, ජීව පතොරම් 05 ක් හා හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 650ක් පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

කෙසේ වෙතත් ඉහත පැවසු සිදුවීම් දෙකෙහිදීම වෙඩි තැබීම සඳහා යොදා ගත් පිස්තෝලය මෙයවන බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ද පොලිස් අධිකාරීවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here