මැරෙන්න කලින් තරිනි කියපු දෙයක් (VIDEO)

0
8571

තරිනිගේ කාර්ඩ් එක ගෝමලී

‘බක පණ්ඩිත කොටා’ කියලත් කියනවා

පේරාදෙණිය – කළු පාලම අසළ දී තරිනි විජේසිරිවර්ධන නමැති රූමත් තරුණියක් දුම්රියට පැන සියදිවි නසා ගැනීමේ පුවත මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිරී යන්නකි.
ඇය මිය යාමට පෙර සිය මිතුරෙකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වී ඇති අතර එහි දී යහළුවන් කිහිප දෙනෙක් සමග ඇය මල් අමුණමින් සිටී. එම අවස්ථාව තවත් මිතුරෙකු විසින් වීඩියෝ කර තිබේ.
විශ්වවිද්‍යාලය තුළ දී ඉතා කෙලිදෙලෙන් කාලය ගත කළ ඇය බොහෝ සමාජශීලි චරිතයක් බව ඇයගේ මිතුරු කැළ පවසයි. සැබවින්ම ඇය එලෙස විනෝදකාමී ලෙස ජීවත් වී ඇති බව එම වීඩියෝව මගින් තව දුරටත් පැහැදිලි වේ.
එවැනි තරුණියක් මිය යාමේ පුවත ඇසෙන ඕනෑම කෙනෙකු සෝසුසුම් හෙලනු ලබන්නේ නිරායාසයෙනි. ඇතැම්විට ඊට හේතුව ඇයගේ බුද්ධිමත්කම සහ අලංකාර රූප ස්වභාවය විය හැකි ය.
විශ්වවිද්‍යාලය තුළ ‘බක පණ්ඩික කොටා’ හෙවත් ‘BPK’ යනුවෙන් හැඳින් වූ 25 හැවිරිදි තරිනි පන්නිපිටිය, කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වේ. කෙසේ වුව ද විශ්වවිද්‍යාලය තුළ තරිනි ජනප්‍රිය වුවේ ‘ගෝමලී’ යන නමිනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිබන්ධන ආචාර්යවරියක් ලෙසට කටයුතු කරමින් සිටි ඇය මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියට පැන පසුගිය දිනෙක අවාසනාවන්ත ලෙස දිවියෙන් සමු ගනු ලැබී ය.
ඇයගේ එම වීඩියෝව පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here