ඇඹරැල්ලා කඩමින් සිටි සරසවි සිසුවෙක් විදුලි සැර වැදී මියයයි

0
13

ඇඹරැල්ලා කැඩීමට ගිය කැළණිය සරසවියේ ලලිත කලා අධ්‍යයනාංශයේ සිසුවෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.

ඔහු එසේ ඇඹරැල්ලා කැඩීමට ගොස්‌ ඇත්තේ අච්චාරු හදා අලෙවි කර කලා වැඩසටහනකට මුදල් සොයා ගැනීම සඳහා ය.

තෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සී.එම්. සුබසිංහ නමැති කැබිතිගොල්ලෑවේ පදිංචි ශිෂ්‍යයකු එලෙස මියගොස්‌ ඇත.

ඇළුමීනියම් බටයක ආධාරයෙන් ඇඹරැල්ලා කඩමින් සිටිය දී මෙම අනතුර සිදු වී තිබේ. අධි බලැති විදුලි රැහැන් පද්ධතියක්‌ පොළොවේ සිට මීටර් 09 ක්‌ පමණ ඉහළින් ගස අසලින් පවතින බව ද ඇළුමිනියම් බටය එම රැහැන් පද්ධතිය හා ගැටෙන්නට ඇති බව ද විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවැසී ය.

මෙම ශිෂ්‍යයාගේ සහෝදරයා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here